අත්ත වග්ගො 10
අත්තදත්ථං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්ථදත්තමහිඤ්ඤාය
සදත්ථපසුතො සියා
බොහෝ සෙයින් අනුන් සඳහා කරන වැඩ නිසා තමාගේ වැඩ නො පිරිහෙළා ගත යුතුය.තමාගේ වැඩ මේ යයි විශේෂයෙන් දැනගෙන එහි යෙදිය යුතුය..
අත්ත වග්ගො 9
අත්තනාව කතං පාපං
අත්තනා සඞකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤාමඤ්ඤො විසොධයෙ
යමකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේ ය.යමකු පව් නොකළොත් එයින් ඔහු පිරිසිදු වන්නේ ය.පිරිසිදුව හා අපිරිසිදුවත් පවතින්නේ තමා කෙරෙහි ම ය.එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේ ය..
අත්ත වග්ගො 8
යො සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කොසති දුම්මෙධො
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සෙව
අත්තඝඤ්ඤාය ඵල්ලතී
යම් අඥානයෙක් තමාගේ පාප වැරදි අදහසක් නිසා ධාර්මික දිවි පැවතුම් ඇති රහත් වූ ආර්යයන්ගේ අනුශාසනාවක් වළකාලයි ද හුණ ගසේ පල ගැන්ම මෙන් ඔහුගේ ම විනාශය පිණිස පවතී..
අත්ත වග්ගො 7
සුකරානි අසාධූනි
අත්තනො අභිතානිච
යං චෙ හිතං ච සාධුං ච
තං වෙ පරමදුක්කරං
තමාට අහිත වූ අයහපත් දේ ලෙහෙසියෙන් කරගත හැකිය.යම් දෙයක් තමාට වැඩ දායක හෝ යහපත් හෝ වේ නම් එය කිරීම අමාරුය..
අත්ත වග්ගො 6
යස්ස අච්චන්තදුස්සීල්‍යං
මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං
යථා නං ඉච්ඡතී දිසො
සල් ගසේ එතුණු මාලුවා වැල එය මුළුමණින් ම යට කරගෙන සිටී.කෙනෙකුගේ තද දුස්සීලකම ඔහු යට කරගෙන සිටින්නේත් ඒ අයුරිනි.සතුරා සිය සතුරාට අනර්ථයක් කරන්නා සේ දුස්සීලයාත් දුස්සීලකම නිසා තමහට අනර්ථ කරගනී..
අත්ත වග්ගො 5
අත්තනාව කතං පාපං
අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මෙධං
වජිරං වස්මමයං මණිං
ගලෙන් ම ඇති වී ඒ ගල ම කා සිදුරුකර දමන දියමන්තිය මෙන් තමා විසින් කරන ලද,තමා තුළ ම උපන්,තමාගෙන් ම ඇතිවූ පාපය අනුවණ වූ තමා, මැඬලයි..
අත්ත වග්ගො 4
අත්තා හි අත්තනො නාථො
කො හි නාථො පරොසියා ?
අත්තනාච සුදන්තෙන
නාතං ලභති දුල්ලභං
තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..
අත්ත වග්ගො 3
අත්තනං චෙ තථා කයිරා
යථඤ්ඤ මනුසාසති
සුදන්තො වත දම්මෙථ
අත්තා හි කිර දුද්දමො
යම් පිළිවෙලකින් කටයුතු කිරීමට අනුන්ට අනුශාසනා කරයි ද, ඒ පිළිවෙලින් ම තමාත් ක්‍රියා කළ යුතුය.තමා දමනය වී අනුන් දමනය කළ යුතුය.ඉතාමත් අමාරුම කටයුත්ත නම් තමා විසින් තමා දමනය කර ගැනීම ය..
අත්ත වග්ගො 2
අත්තානමෙව පඨමං
පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො
තමාම පළමු කොට සුදුසු ගුණයෙහි පිහිටා ඊළඟට අනුන්ට ඒ ගැන අනුශාසනා කළ යුතුය.එසේ කරන පණ්ඩිතයා නො කෙලෙසෙයි..
අත්ත වග්ගො 1
අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො
තමාට තමා ප්‍රිය නම් ආත්මය රැකගත යුතුය. පණ්ඩිතයා බාල විය, මැදුම් විය, මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී වත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය..
Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com]
Showing posts with label problem. Show all posts
Showing posts with label problem. Show all posts
Thursday, May 24, 2012
බුදුන් වහන්සේ වදාළ ධර්මය
බාල වග්ගො 7
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ ව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං
නුවණ මඳ වූ දෙලෝ වැඩ නොදත් අනුවණයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමග හැසිරෙත්..
බාල වග්ගො 5
යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා
හැන්දට මාළු පිණිවල රස නො දැනෙන්නා සේ මෝඩයාට දිවි පවත්නා තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත් ධර්මය දැනගත නො හැකිය...
බාල වග්ගො 4
යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්ච තී
යම් මෝඩයකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් එයින් මත් ඔහු පණ්ඩිතයෙක් වේ.'තමා පණ්ඩිතයෙකැ'යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි..
බාල වග්ගො 13
යාවදෙව අනත්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කං සං
මුද්ධමස්ස විපාතයං
මෝඩයා දත් යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔහුගේ අනර්ථය පිණිස පවතී.එය ඔහුගෙ නුවණ නමැති හිස පොඩි කර කුසල් නමැති යහපත් ගතිගුණ නසාලයි..
බාල වග්ගො 12
න හි පාපං කතං කම්මං
සජ්ජු බීරං ව මුච්චති
ඩහන් තං බාලමන් වෙති
භස්මච්ඡන්නොව පාවකො
දෙවූ වහා ම කිරි නොමිදෙන්නාක් මෙන් කෙනෙකු විසින් කරන ලද පව් කළ වහා නො මෝරයි.එය අළු යට වූ ගින්නක් මෙන් මෝඩයා දවමින් ඔහු ලුහුබඳී..
බාල වග්ගො 10
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි. යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..
බාල වග්ගො 9
තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති
යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..
බාල වග්ගො 3
පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං ?
මෝඩයා මට දරුවෝ ඇත, ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි.තමාට තමාත් නැති කල කුමන පුත්තුද ? කුමන ධනයද ?
බාල වග්ගො 16
අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ
ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි. නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය. විවේකය වැඩිය යුතුය..
බාල වග්ගො 15
මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චාකිච්චෙසු කිස්මිචි.
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානොව වඩ්ඪති
ගිහි පැවිදි දෙපක්ෂයට ම පන්සලේ සියලු වැඩ කටයුතු මා විසින් කරන ලද්දේ යැයි ද, සියලු කටයුතු නොකටයුතු වලදී ඔවුහූ මට පක්ෂ වෙත්වා යැයි ද සිතයි. මේ අයුරින් මෝඩයාගේ මෝඩ කල්පනාව ද, ආශාවද, මානයද වැඩේ..
බාල වග්ගො 14
අසතං භාවන මිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආව සෙසු ච ඉස්සරියං
පූජා පරකුලෙසු ච
අයහපත් හිස් භික්ෂුව අනුන්ගේ ගරු බුහුමන් කැමති වේ. භික්ෂූන් අතර පෙරටු බව කැමති වේ. ආවාසයන්හි අධිපතිකම කැමති වේ. නො නෑ කුලයන්හි පුද සැලකිලි කැමති වේ..
බාල වග්ගො 11
මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං
මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර් සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..
බාල වග්ගො 8
න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති
යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේ ද, යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නොකිරීම හොදය..
බාල වග්ගො 6
මුහුත්තමපි චෙ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා
දිවට මාළුපිණිවල රස දැනෙන්නා සේ බුද්ධිමතාට මොහොතක් වුවත් පණ්ඩිතයකු ඇසුරු කිරීමෙන් වහා ධර්මය දැනගත හැකිය..
බාල වග්ගො 2
චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
ඵනචරියං දළ්හං කයිරා
නත්ථි බාලෙ සහායතා
කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය.බාලයන් හෙවත් මෝඩයන් හා එක්වීම හොඳ නැත..
බාල වග්ගො 1
දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං
නිදි මරන්නාට රාත්‍රිය දිග ය.ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය.බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිගය.
Extracted from [Lucky Abey / wl.abey (at) gmail (dot) com]
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ ව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං
නුවණ මඳ වූ දෙලෝ වැඩ නොදත් අනුවණයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමග හැසිරෙත්..
බාල වග්ගො 5
යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරුපාසති
න සො ධම්මං විජානාති
දබ්බි සූපරසං යථා
හැන්දට මාළු පිණිවල රස නො දැනෙන්නා සේ මෝඩයාට දිවි පවත්නා තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත් ධර්මය දැනගත නො හැකිය...
බාල වග්ගො 4
යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්ච තී
යම් මෝඩයකුට තමාගේ මෝඩකම ගැන හැඟේ නම් එයින් මත් ඔහු පණ්ඩිතයෙක් වේ.'තමා පණ්ඩිතයෙකැ'යි සිතන මෝඩයා ඒකාන්තයෙන්ම මෝඩයෙකි..
බාල වග්ගො 13
යාවදෙව අනත්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කං සං
මුද්ධමස්ස විපාතයං
මෝඩයා දත් යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල ඔහුගේ අනර්ථය පිණිස පවතී.එය ඔහුගෙ නුවණ නමැති හිස පොඩි කර කුසල් නමැති යහපත් ගතිගුණ නසාලයි..
බාල වග්ගො 12
න හි පාපං කතං කම්මං
සජ්ජු බීරං ව මුච්චති
ඩහන් තං බාලමන් වෙති
භස්මච්ඡන්නොව පාවකො
දෙවූ වහා ම කිරි නොමිදෙන්නාක් මෙන් කෙනෙකු විසින් කරන ලද පව් කළ වහා නො මෝරයි.එය අළු යට වූ ගින්නක් මෙන් මෝඩයා දවමින් ඔහු ලුහුබඳී..
බාල වග්ගො 10
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි. යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..
බාල වග්ගො 9
තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති
යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද, යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..
බාල වග්ගො 3
පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලො විභඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං ?
මෝඩයා මට දරුවෝ ඇත, ධනය ඇත කියා සිතමින් වෙහෙසෙයි.තමාට තමාත් නැති කල කුමන පුත්තුද ? කුමන ධනයද ?
බාල වග්ගො 16
අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ
ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි. නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය. විවේකය වැඩිය යුතුය..
බාල වග්ගො 15
මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චාකිච්චෙසු කිස්මිචි.
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානොව වඩ්ඪති
ගිහි පැවිදි දෙපක්ෂයට ම පන්සලේ සියලු වැඩ කටයුතු මා විසින් කරන ලද්දේ යැයි ද, සියලු කටයුතු නොකටයුතු වලදී ඔවුහූ මට පක්ෂ වෙත්වා යැයි ද සිතයි. මේ අයුරින් මෝඩයාගේ මෝඩ කල්පනාව ද, ආශාවද, මානයද වැඩේ..
බාල වග්ගො 14
අසතං භාවන මිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික්ඛුසු
ආව සෙසු ච ඉස්සරියං
පූජා පරකුලෙසු ච
අයහපත් හිස් භික්ෂුව අනුන්ගේ ගරු බුහුමන් කැමති වේ. භික්ෂූන් අතර පෙරටු බව කැමති වේ. ආවාසයන්හි අධිපතිකම කැමති වේ. නො නෑ කුලයන්හි පුද සැලකිලි කැමති වේ..
බාල වග්ගො 11
මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං
මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර් සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..
බාල වග්ගො 8
න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසෙවති
යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේ ද, යමක විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදු වේ ද එබඳු දේ නොකිරීම හොදය..
බාල වග්ගො 6
මුහුත්තමපි චෙ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා
දිවට මාළුපිණිවල රස දැනෙන්නා සේ බුද්ධිමතාට මොහොතක් වුවත් පණ්ඩිතයකු ඇසුරු කිරීමෙන් වහා ධර්මය දැනගත හැකිය..
බාල වග්ගො 2
චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො
ඵනචරියං දළ්හං කයිරා
නත්ථි බාලෙ සහායතා
කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් හෝ නොලැබෙන්නේ නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය.බාලයන් හෙවත් මෝඩයන් හා එක්වීම හොඳ නැත..
බාල වග්ගො 1
දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං
නිදි මරන්නාට රාත්‍රිය දිග ය.ගමන් ගොස් වෙහෙසුන අයට යොදුන දිග ය.බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිගය.
Wednesday, May 23, 2012
බුදුන් වහන්සේ වදාළ ධර්මය
කොධ වග්ගො 13
මනොපකොපං රක්ඛෙය්‍ය
මනසා සංවුතො සියා
මනො දුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරෙ
සිත කිපීම වළක්වා ගත යුතුය. සිතින් සංවර විය යුතුය.සිතින් සිදුවන දුසිරිත් හැර සිතින් සුචරිතයෙහි හැසිරිය යුතුය..
කොධ වග්ගො 12
වචිපකොපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතො සියා
වචිදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරෙ
වචනය කිපීම වළක්වා ගත යුතුය.වචනයෙන් සංවර විය යුතුය.වචනයෙන් සිදුවන දුසිරිත් හැර වචනයෙන් සුචරිතයේ හැසිරිය යුතුය..
කොධ වග්ගො 11
කායප්පකොපං රක්ඛෙය්‍ය
කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්වා
කායෙන සුචරිතං චරෙ
කය කිපීම වළක්වා ගත යුතුය.කයින් සංවර විය යුතුය.කයින් සිදුවන දුසිරිත් හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය..
කොධ වග්ගො 14
කායෙන සංවුතා ධීරා
අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධිරා
තෙ වෙ සුපරිසංවුතා
පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්.එසේ වූවෝ ඒකාන්තයෙන් මනාව සංවර වූවෝ නම් වෙත්..
කොධ වග්ගො 9
යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං
නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කෙරෙද්ද,
කොධ වග්ගො 10
නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො
දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..
කොධ වග්ගො 8
න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො
තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය. මතු ද නො වන්නේ ය. දැනුදු නැත..
කොධ වග්ගො 7
පොරාණමෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති කුණ්හිමාසිනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලොකෙ අනින්දිතො
අතුලය, ලෝකයා නිශ්ශබ්දව සිටින්නාට ද නින්දා කරත්.බොහෝ සේ කථා කරන්නාට ද, නින්දා කරත්. ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත.මෙය අද ඊයෙක ඇති වූ දෙයකුත් නොවෙයි.මෙය පෙර සිට පවතෙන්නකි..
කොධ වග්ගො 6
සදා ජාගරමානානං
අහොරත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා
හැම විට ම අවදිව සිටින (කෙලෙස් නින්දෙන් නොනිදන ) දිවා රෑ දෙකේහි ශීල, සමාධි, ප්‍රඥා පුරන, නිවනෙහි ඇලුණු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැති වෙත්..
කොධ වග්ගො 5
අහිංසකා යෙ මුනයො
නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං
යත්ථ අන්ත්වා න සොචරෙ
නිතර කයින් සංවර වූ යම් අහිංසක මුනිවරු වෙද්ද, ඔවුහූ යම් තැනකට ගොස් ශෝක නොකරද්ද, ඒ තැන වූ නිවනට යත්..
කොධ වග්ගො 4
සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපස්මිංපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ
ඇත්ත කිව යුතුය.නො කිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලූවිට ටිකක් හෝ දිය යුතුය.මේ තුන් කරුණින් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය..
කොධ වග්ගො 3
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..
කොධ වග්ගො 2
යො චෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො
ඉතා වේගයෙන් දුවන රථයක් වළකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියැදුරකු මෙන්, යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඬපවත්වා ගනී ද, ඔහු නියම රියදුරෙකැ'යි මම කියමි.සාමාන්‍ය රිය එළවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය..
කොධ වග්ගො 1
කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංයොජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපතන්ති දුක්ඛා
යමෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු සංයෝජන (බැඳුම් ) ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නො ඇලෙන රාගාදී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි කායික චෛතසික දුක් නො පවතී..
Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com
මනොපකොපං රක්ඛෙය්‍ය
මනසා සංවුතො සියා
මනො දුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරෙ
සිත කිපීම වළක්වා ගත යුතුය. සිතින් සංවර විය යුතුය.සිතින් සිදුවන දුසිරිත් හැර සිතින් සුචරිතයෙහි හැසිරිය යුතුය..
කොධ වග්ගො 12
වචිපකොපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතො සියා
වචිදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරෙ
වචනය කිපීම වළක්වා ගත යුතුය.වචනයෙන් සංවර විය යුතුය.වචනයෙන් සිදුවන දුසිරිත් හැර වචනයෙන් සුචරිතයේ හැසිරිය යුතුය..
කොධ වග්ගො 11
කායප්පකොපං රක්ඛෙය්‍ය
කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්වා
කායෙන සුචරිතං චරෙ
කය කිපීම වළක්වා ගත යුතුය.කයින් සංවර විය යුතුය.කයින් සිදුවන දුසිරිත් හැර කයින් සුචරිතයෙහි හැසිරිය යුතුය..
කොධ වග්ගො 14
කායෙන සංවුතා ධීරා
අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධිරා
තෙ වෙ සුපරිසංවුතා
පණ්ඩිතයෝ කයින් සංවර වෙත්. වචනයෙන් සංවර වෙත්. සිතින් සංවර වෙත්.එසේ වූවෝ ඒකාන්තයෙන් මනාව සංවර වූවෝ නම් වෙත්..
කොධ වග්ගො 9
යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං
නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්‍රශංසා කෙරෙද්ද,
කොධ වග්ගො 10
නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො
දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..
කොධ වග්ගො 8
න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො
තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය. මතු ද නො වන්නේ ය. දැනුදු නැත..
කොධ වග්ගො 7
පොරාණමෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති කුණ්හිමාසිනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලොකෙ අනින්දිතො
අතුලය, ලෝකයා නිශ්ශබ්දව සිටින්නාට ද නින්දා කරත්.බොහෝ සේ කථා කරන්නාට ද, නින්දා කරත්. ලෝකයෙහි නින්දා නොලබන්නෙක් නැත.මෙය අද ඊයෙක ඇති වූ දෙයකුත් නොවෙයි.මෙය පෙර සිට පවතෙන්නකි..
කොධ වග්ගො 6
සදා ජාගරමානානං
අහොරත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා
හැම විට ම අවදිව සිටින (කෙලෙස් නින්දෙන් නොනිදන ) දිවා රෑ දෙකේහි ශීල, සමාධි, ප්‍රඥා පුරන, නිවනෙහි ඇලුණු පුද්ගලයන්ගේ ආශ්‍රවයෝ නැති වෙත්..
කොධ වග්ගො 5
අහිංසකා යෙ මුනයො
නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං
යත්ථ අන්ත්වා න සොචරෙ
නිතර කයින් සංවර වූ යම් අහිංසක මුනිවරු වෙද්ද, ඔවුහූ යම් තැනකට ගොස් ශෝක නොකරද්ද, ඒ තැන වූ නිවනට යත්..
කොධ වග්ගො 4
සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපස්මිංපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ
ඇත්ත කිව යුතුය.නො කිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලූවිට ටිකක් හෝ දිය යුතුය.මේ තුන් කරුණින් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය..
කොධ වග්ගො 3
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
ක්‍රෝධ කරන්නා අක්‍රෝධයෙන් ද, අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, තද මසුරා - දීමෙන් හෙවත් ත්‍යාගයෙන් ද,බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය..
කොධ වග්ගො 2
යො චෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහො ඉතරො ජනො
ඉතා වේගයෙන් දුවන රථයක් වළකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියැදුරකු මෙන්, යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඬපවත්වා ගනී ද, ඔහු නියම රියදුරෙකැ'යි මම කියමි.සාමාන්‍ය රිය එළවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය..
කොධ වග්ගො 1
කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංයොජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපතන්ති දුක්ඛා
යමෙක් ක්‍රෝධය දුරු කරයි ද, මානය පහ කරයි ද, සියලු සංයෝජන (බැඳුම් ) ඉක්මවයි ද, නාම රූප දෙකෙහි නො ඇලෙන රාගාදී කෙලෙස් නැති ඒ පුද්ගලයා කෙරෙහි කායික චෛතසික දුක් නො පවතී..
Extracted from an email [Lucky Abey / wl.abey (at) gmail (dot) com
Thursday, May 17, 2012
දඹුල්ලේ ප්‍රශ්නයට බුදුරදුන් දුන් ආදර්ශය
පූජ්‍ය
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
පසුගිය දින ගණනාවේදීම "දඹුල්ල" පෙර නොවූ විරූ අයුරින් ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරා කතා කරන මාතෘකාවක් බවට පත් වී තිබුණේ පළමු සියවසට අයත් ඓතිහාසික අති පූජනීය ජාතික හා ශාසනික උරුමයක් එහි නිමවී ඇති නිසා නොව, මෑතකදී එහි අනවසරයෙන් හා සදාචාර විරෝධීව ඉදිකරන ලද මුස්‌ලිම් අන්‍යාගමික මධ්‍යස්‌ථානයක් නිසාය. මේ රට ලෝකයේ තිබෙන එකම සිංහල බෞද්ධ රටය. එය කවුරුන් හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුත්තේ පවතින සතයක් නිසාය. මෙම සත්‍යතාවය විනාශකර දැමීමට ලෝකයේ බෝහෝ අනෙක් රටවලට මෙන් ලංකාවටද බලපෑම් එල්ල වූයේ අද ඊයෙක සිට නොව. අතීත රජදරුවන් දවස එළාර ආක්‍රමණය, වළගම්බා රජු දවස සොළී-චෝළ ආදි පරසතුරු උවදුරු එල්ල වූ අතර ඒවා බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද සිදු විය. ක්‍රමිකව 1505 න් පසුව සිදු වූ ආක්‍රමණයන්ගේ අනිටු පලයන් ලෝකයේ අනෙක් රටවල් වලට මෙන් ලංකාවට බලපෑමට කෙටි කාලයක් ගත නොවීය. ආක්‍රමණිකයන්ගේ අතින් ගත් කල අද වන විට දිනෙන් දින, ටිකෙන් ටික ඒ ආක්‍රමණයන්ගේ පලයන් දීර්ඝකාලීන වෑයමක ප්‍රතිපලයන් ලෙස ඔවුන් භුක්‌ති විඳීමට පටන් ගෙන ඇත. එනිසාම අද වන විට සිංහලයන් සිංහලකමෙන් ඈත් වී "මුස්‌ලිම් සිංහලයන්" බිහි වී ඇත. මේ රටේ සියලූ සිංහලයන් බෞද්ධ විය යුතු නමුත් අද එසේ නොමැත. සිංහලයන් කතෝලික හෝ ක්‍රිස්‌තියානි පමණක් නොව ඉස්‌ලාම්ද වී ඇත. සිංහල ජාතියත්, දේශයත්, සම්බුද්ධ ශාසනයත් විනාශ කිරීමේ නියෑලී සිටින්නවුන්ගේ අන්තවාදී, ආක්‍රමණකාරී, හා සදාචාර විරෝධී කූට මෙන්ම අති සූක්‍ෂම ක්‍රියාදාමයන් අවසන් මොහොතේදී අප දකින්නේ එම ක්‍රියාවේ ප්‍රතිපලය තුළිනි. එම සියලූ අන්තවාදයන් ගැන හෝ සියලු අන්තවාදීන් පිළිබඳ කතා කිරීමට මෙහි" අප වෙහෙස නොවන්නෙමු. ඓතිහාසික රංගිsරි දඹුල්ල පූජා භූමියේ උද්ගතව ඇති තත්වයද මෙවැනිම ප්‍රතිඵලයකි. ඉතා පැහැදිලි කරුණ නම් දිනෙන් දින ලංකාවේ භූමියේ අයිතිය නියමයෙන් හෝ අනියමෙන් මුස්‌ලිමුන් ඩැහැ ගනිද්දී ඊට සාපේක්‍ෂව උපත් පාලන නීතින හා විවාහ නීතින් සිංහලයන්ට පමණක් සීමා වෙද්දී සිංහල ජාතිය සීඝ්‍රයෙන් වඳ වී යයි. ඒ අතරතුර අන්‍ය වාර්ගිකයන් සීඝ්‍රයෙන් බෝ වී යයි.
මෙහි අති භයානකම සිදුවීම නම් ඔවුන් විසින් භූමියේ ආධිපත්‍ය ඩැහැ ගැනීම සිදු කරන්නේ ඓතිහාසික හා නොවන බෞද්ධ උරුමයද විනාශ කර දමමිනි. ඒ කියන්නේ තව දසක කිහිපයකින් මේ මිහි තලයෙන් සිංහල ජාතිය හා දේශය වඳ වී යද්දී බෞද්ධ පසුබිමද අතුගා දැමීමටයි. එනිසා වර්තමානය වන විට ඓතිහාසික බෞද්ධ උරුමයන් ආක්‍රමණය කොට විනාශ කර දැමීමේ එක් කූට උපක්‍රමයක් ලෙස සිය යාඥා මධ්‍යස්‌ථාන කිසිදු වග විභාගයකින් තොරව පූජාභූමි තුළ ඉදි කරනු ලබයි. මෙම අවදානම් කලාපයට ඓතිහාසික සිද්ධස්‌ථානයන් රැසක් පත්ව ඇත. අනුරාධපුර මහමෙව්නාව, බලංගොඩ කූරගල පුදබිම, දෙවනගල රාජ මහා විහාරය, රිටිගල, දීඝවාපිය, කතරගම, පොතුවිල් මුහුදු මහා විහාරය ආදිය ඒ අතර වේ. එහි නවතම ගොදුර වූ දඹුල්ලට රිංගා ගත් මේ අන්තවාදීන් නානාවිධ කතා කියමින් අවම තරමින් සිංහලයන් සතු උතුම් මානුෂීය ගුණාංගයන් ගැන හෝ කිසිදු මායිමක් නොකරමින් අවම සදාචාරාත්මක ගති ගුණයක් හෝ නොපෙන්වමින් ජිනීවාවට මුවා වී රට, ජාතිය, සසුන වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නය ප්‍රමුඛ ශාසනමාමක ජනතාවට ආගම්වාදීන්, ජාතිවාදීන් කියමින් පිනුම් ගසන්නේ සියලූම මුස්‌ලිම් දේශපාලූවන්ගේ හා මුස්‌ලිම් ලෝකයේ හයිය හිතට ගනිමිනි. රාජ රාජමහා මාත්‍යාදීන් මෙන්ම මහා යතිවරු තැනූ මේ පිං බිමේ සිට මෙහි සියලු සාරය උකහා ගනිමින් යෑපෙන ඔවුන්ට සිංහල බෞද්ධයාටම ෙද්‍රdaහී වෙමින් කටයුතු කරන්නට රිසි වීම නිසාවෙන්මය අප අසන්නේ අවම සදාචාරාත්මක ගුණාංගයක් හෝ තිබෙනවාදය කියාය?
"ගහෙන් වැටුණ මිනිහාට ගොනා අනිනවා" යෑයි අප ව්‍යවහාරයේ කියමනක් ඇත. ඒ වගේම අද සිංහල බෞද්ධයාට මුහුණ දීමට ඇත්තේද එවැනිම තත්ත්වයකටයි. ඇතැම් විට ඊටත් එහා යමින් "කබලෙන් ලිපට වැටෙනවා" යෑයි කියාද ගත හැකිය. අපට සැමදාම අපේ අයිතීන් වෙනුවෙන් කෑ මොර දෙන්නට සිදු වේවි. දුක් විඳින්නට සිදු වේවි, මේ වන විට දඹුල්ලේ උණුසුම හැල හොල්මනක් නොමැතිව කෙමෙන් යටපත් වෙමින් ජන විඥානයෙන් බැහැර වෙමින් පවතී. පාලකයන් සුපුරුදු පරිදි අමතක කරදැමීමේ න්‍යාය අනුගමනය කරමින් සිටී. ඒ අතරතුර අප නිහඬව බලා සිටින්නේ අපට ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන තෙක්‌ය. සමහර විට අපගේ නිහඬතාවය යමෙක් පසු බැසීමක් ලෙස සලකන්නේ නම් අප ඔවුන්ට සිහිපත් කර සිටින්නේ එය නිහඬතාවය නොව තියුණු විමසිලිභාවය බවයි.
ඉදිරි දිනවලදී මේ හා සම්බන්ධව මොන මොන අන්දමේ තීන්දු තීරණ ගනීවිදැයි කියා අප නොදනිමු. එම තීන්දු තීරණ බොහෝ වෙලාවට සිංහලයන්ට මෙන්ම බෞද්ධයන්ට අවාසි සහගත වන ඒවා මිස වාසි සහගත ඒවානම් නොව. ඒවා අප පවසන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් හා වත්මන් ක්‍රියා පිළිවෙත් දැක දැකය. අකාලික වූ බුදුන්ගේ ධර්මය මේ සෑම ගැටලූවක් විෂයෙහිම විසඳුම් ලබා දෙන අතර "අද දඹුල්ලට එදා බුදුරදුන් දුන් විසඳුම" මොනතරම් නම් ප්‍රායෝගික වූවක්‌ද යන්න "භරු" ජාතක කතාව තුළින් මැනවින් පැහැදිලි වේ. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික මධ්‍යස්‌ථාන බෞද්ධ පුදබිම් ආශ්‍රිතව ඉදිකිරීමේදී දක්‌වන ලද ආකල්පය මෙහිදී ඉතා පැහැදිලිය. අද අපේ රටේ ජනාධිපතිතුමන් ඇතුළු පාලක කාරකාදීන්ට මුර දේවතාවුන් වහන්සේලා වූ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා හෝ මැදිහත්වීම්වලට ඇහුම්කම් දිය නොහැකි නම් තුන්ලෝක්‍රාග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ නියමය හෝ පිළිපදිනු ඇතැයි යන අදහසින් මේ සටහන තැබීමේදී 'භරු ජාතකය' පාදක කරගත්තේය. 21 වන සියවසයේ ජීවත් වන අපට මුහුණ දීමට සිදුව ඇති වත්මන් අර්බුදයන් හමුවේ සැබවින්ම ධර්මයේ ඇති අකාලික ගුණය මැනවින් ප්‍රකට කරමින් එදාට මෙන්ම අදටත් විසඳුම් එදා ලබා දුන් සැටි ඉතා අපූරුය. රට කරවන්නවුන්ට රට දැහැමෙන් සෙමෙන් කිරීම සඳහා ලෝකයේ කිසිදු ජගතෙකුට ලබා දිය නොහැකි තරමේ සියලූ ඉගැන්වීම් බුද්ධ දේශනවා තුළ පවතිද්දී ඒවා තුට්‌ටු දෙකකටවත් මායිම් නොකරමින් අන්තිමේදී බුදු දහමට නියමයෙන් හා අනියමෙන්ද එරෙහි වෙති. එවන් තත්ත්වයක් මත බුද්ධ දේශනාව පාදක කරගැනීමක් පිළිබඳ කතා කිරීමද එක්a අතකට විහිළුවක්‌ය.
කෙසේ වෙතත් අද දඹුල්ල ප්‍රමුඛව බෞද්ධ සිද්ධස්‌ථානයන්ට අත්ව ඇති ඉරණමට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් ලබා දෙන එකම විසඳුම පහතින් දක්‌වා ඇති භරු ජාතකයයි. ජාතක පොත් වහන්සේගේ 212 වන ජාතක කතාව භරු ජාතකයයි.
භරු ජාතකය
තවද කරුණානිධාන වූ මාගේ ස්‌වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කෝසල රඡ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්‌වන ලද.
ඒ කෙසේද යත්.
සර්වඥයන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ලාභයෙන් යසසින් වැඩි දවස් අරින සේක. එසමයෙහි තීර්තකයෝ ලාභසත්කාරයෙන් පිරිහී සිතන්නාහූ ශ්‍රමණ භවත් ගෞතමයන් හා ශ්‍රාවකයන්ගේ ලාභසත්කාර මහත අපට නැත. ලාභසත්කාර මහත්වන්නේ ඡේතවනාරාමයෙහි භුමිවිශේෂය කැයි කියා සිතාගෙන අපටත් එතන තීර්ථකාරාමයක් ඉදිකොටගෙන වාසය කරන්නට වුවමැනවයි සිතා රඡ්ජුරුවන්ට නොකියා කළමෝනම් භික්‌ෂූහූ කළ නොදෙති සිතා රඡ්ජුරුවන්ට අත්ලසක්‌දී ලබ්බවාගත තනම්හයි සිතා තීර්තකයෝ එක්‌ව මසුරන් ලක්‌ෂයක්‌දී කියන්නාහු මහරඡ්ජුරුවෙනි ඡේතවනාරාමය කෙරේ තීර්ථකාරාමයක් කරවන්නා අභිප්‍රාය ඇත්තම්හ, භික්‌ෂූන් ඇවිත් රඡ්ජුරුවන්ට කී කළ රඡ්ජුරුවන් ඊට අවුලක් නොකියන්නේ යහපතැයි කී යන්නා ගිවිස්‌සාහ, තීර්ථකයෝ බොහෝ වඩුවන් ඇරගෙණ ඡේතවනාරාමයට පිටිපස්‌සේ කරණ බොහෝ අරගල අසා ආනන්දය මේ කුමන අරගලයක්‌දැයි විචාරා එපවත් අසා ආනන්දය භික්‌ෂූ සංඝයා රැස්‌කරවයි කියා සංඝයා වහන්සේ රැස්‌කරවා මහණෙනි, තොප ගොස් රඡ්ජුරුවන්ට කියවයි කියන්නේ යහපතැයි කියා භික්‌ෂූන් වහන්ස රැස් වී රඡ්ජුරුවන් කරා ගොස් රඡ්ජුරුවන්ගේ වාසල සිට එපවත් කියායවු සේක.
රඡ්ජුරුවෝ තමන් කියන්නට උත්තරයක් නැති හෙයින් ගෙයි නැතැයි කිවුහ. භික්‌ෂූන් වහන්සේ විහාරයට ගොස් එපවත් සර්වඥයන් වහන්සේට සැලකළ සේක. සර්වඥයන් වහන්සේ රඡ්ජුරුවෝ අල්ලස් කා මෙසේ කරති සිතා පසුව දවස් දෑගසව්වන් යවන්නැයි වදාළ සේක. දෑගසව්වන් වහන්සේ දොරකඩ සිට රඡ්ජුරුවන්ට කියන්නේ එවිට රඡ්ජුරුවෝ ගෙයි නැතැයි කියූහ. පසු දවසේ සර්වඥයන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ පිරිවරා රජගෙට වැඩිසේක. එවිට රඡ්ජුරුවෝ උඩුමාලෙන් බැස සර්වඥයන් වැඳ පාත්‍රය අතට ගෙන බුදුන් රජගෙට වඩා ගෙනගොස් වළඳවා අවසානයෙහි එකත්පස්‌ව උන්නාහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරන සේක මහරජ අල්ලස් බලයෙන් තාපසවරුන් දෙපසක් ගස්‌වා පෙරත් රජ දරුවෝ බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්‌වා වදාළසේක.
ඒ කෙසේද යත්
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රඡ්ජුරු කෙණෙකුන් රාඡ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි තාපසව, පන්සියයක් තාපසවරුන්ට නායකව වාසය කරන්නේ වස් කාලයෙහි ඒ ඒ තැන සැරිසරා වඩිනාසේක. බරණැස් නුවරට වැඩ නුවර සිඟා උතුරුදිග වාසලින් පිටත්ව ඒ වාසල සමීපයෙහි නුගගසක් මුල වාසය කරන්නාහ. එසමයෙහි අනිකුත් පන්සියයක් තාපසවරුන් ලුනු ඇඹුල් සොයනා පිණිස බරණැස් නුවරට අවුත් ඒ තාපසවරු නුවර වටේම ගොස් සිඟා දකුණු වාසල සමීsපයේ නුගගසක් මුල වාසය කරන්නාහ. මේ නියායෙන් තාපසවරු වස්‌සාන කාලයෙහි එහි වැස හිමාලය වනයට ගියාය. දෙවන අවුරුද්දේත් එම නුවරට එන අවස්‌ථාවට දකුණු දොර වාසල සිටි නුගගස දිරාපත් වී වැටිණ. දකුණු දොර වාසල පළමු අවුරුද්දේ උන්නාවූ තාපසවරු තමන් උන් නුගගස වැටුණු හෙයින් උතුරු දිග වාසල නුග ගසමුල ඉන්ට වන්නාහ. එසමයට උතුරුවාසල නුගගස මුල උන්නාවූ තාපසරු ඒ නුවරට අවුත් තමන් පළමු උන් නුගගස කරා ගියහ. මේ කියන තාපසවරුන් යන්නට පළමු අනිත් තාපසවරු මේත් තමන් උන්නු හෙයින් අප පළමු මුරයේ උන් නුගගස මුල උන්නේ කවර නිසාදැයි කියා උන් හා දබර කළාහ. මේ කියන තාපසවරුන් අපි පළමුකොට සිටිය හෙයින් අපි නුග ගසමුල නාරිම්හයි කියා රණ්‌ඩු කළහ.. මේ නියායෙන් දෙපක්‌ෂයේ ඇත්තෝම දබරකොට එපවත් රඡ්ජුරුවන්ට කීහ. රඡ්ජුරුවෝ එපවත් අසා පළමුකොට උන් තාපසවරුන්ටම අයිතියෑයිs කීහ. එබස් අසා අනික් තාපසවරු සමූහය පළමු චක්‍රවර්ති රඡ්ජුරුකෙණෙකුන් රාඡ්ජය කළාවූ රණ මැදිරියෙක් රඡ්ජුරුවන්ට අල්ලස්‌කොටදී රඡ්ජුරුවනි අපගේ වාසස්‌ථානය අපට සලස්‌වයි කීහ. ඊටත් රඡ්ජුරුවෝ ගිවිස්‌සාහ, එවිට තාපසවරු උනුන්ලා බොහෝ අඬදබර කොට අන්තයෙහි සිතන්නාහූ අපි ගිහිගෙය හැර මහණවුවන් විසින් කළ සේ නපුරැයි සිතා එතනින් වහා හිමාලය වනයට ගියහ.
දේවතාවෝ මෙතෙක් තාපසවරුන්ට අඩදබර කළාවූ මේ රඡ්ජුරුවෝ වේද මේ රඡ්ජුරුවන්ගේ නුවර නසම්වයි සිතා මහමුහුද අල්ලා මහත්වූ වතුරක් එවා ඒ තුන්සියයක් යොදුන් නුවර වැනසූහ යෑයි වදාරා රඡ්ජුරුවෙනි එක් රඡ්ජුරුවන් කළාවූ අධර්මයක් නිසා බෝහෝ මනුෂ්‍යයෝ නසිනලද්දාහූ එසේ හෙයින් ඡන්දාදිව ශයෙන් අගතියට යාම යහපත් නොවෙයි කියා රඡ්ජුරුවන්ට සර්වඥයන් වහන්සේ අවවාද කොට භරු ජාතකය නිමවා වදාළ සේක. කෝසල රඡ්ජුරුවෝ මේ ධර්මදේශනාව අසා තීර්ථකයන්ගේ ආරාම බිඳවාලුහ.
මෙහි එන කතා පුවත හා වත්මන් පාලකයන්ගේ හැසිරීම හා සම්බන්ධව අටුවා, ටීකා, ටිප්පනී, අනවශ්‍ය යෑයි හඟිමි. මන්ද ඒ ඒ පුද්ගලයාගේ සිතීමේ හා විමසීමේ ශක්‌තිය අනුව බෝහෝ දෑ මේ තුළින් තේරුම් ගැනීමට හැකි වෙන නිසාය. කෙසේ වෙතත් අද මෙන්ම බුදුරදුන් දවස වගේම ඉන් ඔබ්බටත් කාලයෙදී අල්ලස් ගෙන මිථ්‍යාදෘෂ්ටිය වැපිරීමට සාමාන්‍ය මිනිසුන් පමණක් නොව රජවරුන් පවා කටයුතු කොට ඇත. එනිසා අද දඹුල්ල ගැන අප පුදුම විය යුතුද නැත. රාජ්‍ය නායකයන් ඇතැම් විට මුදලින් අල්ලස් ගෙන නැති වුවත් මානසික අල්ලස් ගෙන සිය බලය තරකර ගැනීමට සුළුතර මනාප ටිකක් බලාපොරොත්තුවෙන් නොයෙක් පාවාදීම් ජාතික මට්‌ටමින් හා ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කිරීමද අල්ලස් ගැනීමකි. එදා කොසොල් රජතුමා අල්ලස් ගෙන මහා සංඝරතනයට මුහුණ නොදී සිටියා සේ අද මේ රටේ අති බහුතර සිංහල බෞද්ධයාගේ අයිතිය අභියෝගයට ලක් වෙද්දී සිංහල බෞද්ධ මනාපයෙන්ම රජකම් සිදු කරන පාලකයෝ ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ මුනිවත රකිති.
බෞද්ධ අයිතියට හානි සිදු කිරීම රජකම් පවා අහිමි වීමට පමණක් නොව බොහෝ හානිවලට මුහුණ දීමට ඉවහල් වන බව බුදු රදුන් විසින්ම භරු ජාතකයේදී පෙන්වා දී ඇත්තේ කොසොල් රජතුමාට එක්‌තරා ආකාරයක අනතුරු ඇඟවීමක් මතක් කර දෙමිනි. එනිසා අද අපට සුවිශේෂී සංසිද්ධියක් එහිදී මතක කර දී ඇත. එදා සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් විසින්, සිදු වූ අපරාධය දරාගත නොහැකිව කම්පා වී මහ මුහුද කළඹවා ජල කඳක් එවා මුළු පෙදෙසම විනාශ කරදැමීsය. මේ අනුව සුනාමිය පිළිබඳ අත්දැකීම අපට මීට අවුරුදු 6-7 කට කලියෙන් දැනුනද එදා බුදුදහමට වින කටින විට මේ විශ්වය කම්පා වී හැසිරුණ ආකාරය මෙයින් පැහැදිලිය. අද මේ තරම්ම දුෂ්ට හා අධර්මිෂ්ට සමාජ පරිසරයක් තුළ එසේ සිදු නොවේයෑයි කිව හැක්‌කේ කාටද? එනිසා එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් මේ රටේ යමෙක් යම් සුවදායි අයුරකින් වෙසෙන්නේද ඒ අන් කිසිවක් නිසා නොව බුදුරදුන්ට පිදූ මේ පිං බිම තෙවරක්‌ම බුදුන්ගේ පහස ලද නිසාවෙන් හා ශ්‍රී දළඳා සමිඳුන් වැඩ සිටින නිසා මෙන්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පහස නිසාය. එනිසා යමෙක් නියමයෙන් හෝ අනියමෙන් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් එදිරිවාදිකම් සිදු කරන්නේ නම්, හේ තමන්ගේ පැවැත්ම උදෙසාද වළ කපා ගැනීමක් බව තරයේ සිහිතබා ගත යුතුය. එසේ නොවුනහොත් යහපත් හික්‌මීමක් ඇති පුද්ගලයන්ගේ ආනුභාවයෙන් අයහපත් ගති ඇත්තවුන් යහතින් සිටින්නා සේ අයහපත් ගති ඇත්තවුන්ගේ දුර්ගුණයන් බහුල වී බලවත් වීම නිසා යහපත් ගති ඇත්තවුන්ගේ විනාශයද කඩිනම් කරනු ඇත.
එදා කොසොල් රජතුමන් මොනතරම් බුදුන් වහන්සේට ලෙන්ගතු වුවද ධනයට ලෝභ වී අන්‍යාගමිකයන්ගෙන් අල්ලස් ගෙන බුදු සසුනට වින කරන්නට යාම අවසනදී මග හැරී ගියේ ඡේතවනාරාම භූමියෙන් අන්‍යාගමික මධ්‍යස්‌ථානය ඉවත් කිරීමෙනි. ඒ හැර ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැත. මේ බව මේ රටේ සම්‍යග් දෘෂ්ටික යෑයි කියන්නාවු පාලකයන් සිහිතබාගෙන සියලු ආකාරයෙන් මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්ත වීම පිළිබඳ නිසි අවධානය යොමුකළ යුතුය. එසේ නොවුනහොත් කාගෙන් නැතත් සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් කොහේ හෝ සිට බැල්ම යොමුකරමින් හෙලන අකුල්වලින් නම් කිsසිදු ගැලවීමක් නැති වේවි. මොන විදියේ අල්ලස් ගෙන ඒ තුළින් වැජඹෙන්න උත්සාහ කළද දේව උදහසින් නම් ගැලවීමක් නොමැති බව භරු ජාතක කතාවෙන්ම පසක් කරන්නේය. එමෙන්ම අන්‍යාගමිකයන්ද ඇතැම් විට භූමියේ වාසනාවක් ඇතැයි සිතා බෞද්ධ පුදබිම් තුළම එදා තීර්ථකයන් සේ ආගමික මඩු ඉදිකරන්නට තැත් කරන්නේ නම් එයටද සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන්ගේ අවධානයෙන් නිසි පිළිතුරු ලබා දෙනු ඇත. එමෙන්ම භූමියේ වාසනාව නොව ධර්මයේ සත්‍යතාවේ ආනුභාවය අකමැත්තෙන් නමුදු වටහා ගන්නා මෙන් ඇරයුම් කර සිටිමු.
Posted by මුරගල බෞද්ධ කණ්ඩායම.
Extracted from an email [ Dharma Dveepa / dharmadveepairanama (at) yahoo (dot) com>]
Subscribe to:
Posts (Atom)